උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ

කැළණි විහාරයේ සිතුවම්

උඩරට සිතුවම්


o උඩරට සිත්තර පරම්පරාවට අයත් සිතුවම් හමුවන්නේ ඔත් පිළිමගේ සහ රජ පිළිමගේ යන කුටි දෙකෙහිය.

o රජ පිළිමගෙයි බිත්ති වලත් වහලේ ලී වියනෙහිත් ඇති සිතුවම් මූලික වශයෙන් හයකට සම්බන්ධය.


• බූද්ධ චරිතය



• කැළණි වංශය

• සොළොස්මස්ථාන

• ජාතක කතා

වෙස්සන්තර , සුතසෝම ජාතක කතා නිරූපණය
• බෞද්ධ ලෝකය

• බුද්ධ වංශය


යනාදී වශයෙනි.


ලංකාවේ බුද්ධ ශාසන වංශ කතාව

ලංකාවේ බුද්ධ ශාසන වංශ කතාවේ වැදගත්ම අවස්ථා දක්වන සිතුවම් වැඩිම ප්‍රමාණය හමුවන්නේ කැළණියෙහි ය. බොධින් වහන්සේ ලක්දිවට වැඩම කර වීම හා බැදූණූ සිද්ධි කිහිපයකුත් මීට අදාළ වේ.


• අශෝක රජූ බෝධි ශාඛාව වෙන් කර ගැනීම .

• සංඝමිත්තා තෙරණි බොධින් වහන්සේ සමඟ ලක්දිවට වැඩම වූ අවස්ථාවේ තිස්ස රජූ මුහුදට බැස බෝධීන් වහන්සේ පිළිගැනීම.




• සංඝමිත්තා තෙරණිය මෙහෙනි සස්න පිහිටූ වීම.

• දඹදිවෙහි දළදා වහන්සේට නොයෙක් වද හිංසා පැමිණ වීම.

• දළදාවේ ආරක්ෂාව තකා හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් උන්වහන්සේ ලක්දිවට වැඩම කරවීම.




ආදී සිතුවම් චිත්‍රණය කොට තිබෙන අතර ඊට අමතරව ,


• සපිරිවර විජය කුමරු ලක්දිවට ගොඩ බැසීම.

• ලක් සසුන පිහිටූ වීමට අනූරාධපුර මහා සීමාව බැදීම.

• අළු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රථාරූඪ කිරීම.


යනාදි චිත්‍ර කැළණි විහාරයේ සිතුවම් කරන අතර ඒ සඳහා සහාය වූයේ “සෝලියස් මැන්දිස්”යන සුප්‍රකට චිත්‍ර ශිල්පියාය.