උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ

කැලණි විහාරය හා බැදුණු පුද්ගලයින්

 ගාන්ධි තුමාගේ භෂ්මාවශේෂ කැලණි කැලණි නදීයේ පාවෙයි.




භාරතයේ පියාණන් වූ මහා අවිහිංසාවාදී ගාන්ධි තුමා 1948 ජනවාරි 30 දා සාහිසයෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙම ඛේදජනක ඝාතනයෙන් කම්පාවට පත් වු මහා භාරතය පමණක් නොව ශ්‍රී ලංකාවද මහත් කම්පාවට පත් විය. ඒ ඛේදජනක වූ සිද්ධිය එදා අපේ ගුවන් විදුලිය මගින් නිවේදනය කිරීමේන පසු ,අපේ අසල්වැසි රටේ ජන නායකු වශයෙන් ද , ගාන්ධි තුමා අවිහිංසාවාදියෙකු වශයෙන්ද අපේ රටේ කිසිදු ජාතින් අතර කිසිදූ ප්‍රශ්නයක් පැන නැගුනේ නැත.


මහත්මා ගාන්ධි තුමාගේ භෂ්මාවශේෂ එවකට සිටි ඉන්දියානු මහා කොමසාරිස් වී.වී. ගිරි මහතා විසින් ගෙනවිත් අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක හට භාර දුනි. එතුමා එම භෂ්මාවශේෂ කොළඹ නගරාධිපති වෙත භාරදුනි.පසුව එය මහජන ගෞරවය සඳහා කොළඹ නගර සභාවේ තැම්පත් කර තැබීය.


වර්ෂ 1998 පෙබරවාරි මස 22 දා පෙරවරුවේ කොළඹ නගර සභාවේ සිට රථ පෙරහැරකින් මහත්මාගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ කැලණි විහාර වෙත ගෙන එන ලද දායක සභාවේ සභහපති වශයෙන් සී.සී. විජේවර්ධන මහතා භාරගෙන ඒ සඳහා ඉදිකළ විශේෂ මණ්ඩපයක් තුල තැන්පත් කළේය.කිරිවත්තුඩූවේ පඥාසාර මහා නා හමි ඇතුළු භික්ෂුන් වහන්සේලා පනස් නමකින් සමන්විත භික්ෂු සංඝයා විසින් පාංශූකූලය පවත්වන ලදී.


ඉක්බිති අළු බදුන රැගත් ඩී.ඇස්.සේනානායක මහතා ඇතුළු සම්භාවය පිරිස කැලණි විහාරයේ තොටුපල අසල ගං වතුරේ සිට ඔරුවකින් බුදුන් වහන්සේ ජලස්නානය කළ ස්ථානය යි විශ්වාස කරන තැනෙහි ඉදිකළ පාරුවක් මත සිට ගාන්ධි තුමාගේ භෂ්මාවශේෂ කැලණි ග‍ඟේ ජලය මත විසිරුවා හැරියේය.


ගාන්ධිතුමා කෙරෙහි තිබු අපරිමිත භක්තිය නිසාම තම තමන්ගේ ජීවිත පවා පූජා කිරීමේ දැඩි අධිෂ්ඨාන‍‍යෙන් ගඟට පැන්න ද්‍රවිඩ ජනතාව සමහර දෙනෙකුට පිහිනීමට නොහැකි අය වූහ. පිහිනීමට නොහැකි අය බොහෝ දෙනෙක් ග‍ඟේ ගසාගෙන ගොස් මරු මුවට පත් වුහ. ගාන්ධි තුමාගේ භෂ්මාවශේෂ කැලණි ග‍ඟෙන් සමනල කදු පාමුල සීත ගඟුලේ ද ,මැණික් ග‍ඟෙ හි හා ත්‍රිකුණාමල මුහුද හා යන ස්ථානයන්හි එදින එකම වේලාවක දියකර ඇරියේය.


ජයවර්ධන ජනාධිපති තුමා



ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ නිදහස් සටනට බැදී එහි ලේකම් තනතුරට පත් විය. පසුව එය 1945 දී පිහිට වනූ ලැබූ එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වු එතුමා දශක දෙකක පමණ කාලයක් එහි නායකත්වය දැරීය.


හදිසියේ රෝගාතුර වූ ඒ මහතා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරිමේන් පසු ශෛල්‍ය කර්මයකට භාජනය කිරීමේන් පසු 1996 නොවැම්බර් මස 01වැනිදා දහවල් අභාවප්‍රාප්ත විය. මිය යන විට එතුමාගේ වයස අවුරුදු 90 ක්විය. 1996 නොවැම්බර් මස 04 වැනි දින රාජ්‍ය ගෞරවය සහිතව ඒ මහතාගේ ආදාන කටයුතු නිදහස් චතුරස්‍රයෙහි සිදු කිරීමට සියළු විධි විධාන යොදා තිබූණි. මේ අතර ඔහුගේ ඥාතියෙකුට ජයවර්ධන මහතාගේ පුද්ගලික දින පොත හමු වී එහි සටහන් කර තිබු කරුණු ඉතා පරීක්ෂාවෙන් කියවාගෙන ගියේය. ඒ අපූර්වතම සටහනක් හමු විය.


මහා භාරකාරතුමා අන්තිම කැමති පත්‍රය ,මාගේ මරණය සිදු වී පැය 24 ක් ඇතුළත කැලණි ගං ඉවුරේ කැලණි රජමහා විහාරයේ දර්ශණ පතයේ දවාලන්න. මේ සටහනට අනූව ක්‍රියාත්මක වූ ආදාන කමිටු කැලණිවිහාරය ඉදිරිපිට භූමියේදී ආදානය කළේය.

ගුණානන්ද හිමි කැළණියේදී



බෞද්ධයා ට බෞද්ධයෙකු වශයෙන් ඉදිරියට යාමට ඉඩක් ලැබුණේ ගුණානන්ද හිමි, ඕල්කට් තුමා, ධර්මපාල තුමා, වැනි ජාතියේ පිනට පහළ වූ උතුමන් නිසාය.සිංහලයාගේ අති උතුම් දිනය වූ වෙසක් දිනය පවා මේ වකවානුවේ බෞද්ධයන් ට නිවාඩු දිනයක් නොවීය.


මෙවන් අවාසනාවන්ත යුගයක මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි ජාති හිතෛෂීන්ගේ අරගල මත 1885.04. 25 වන දින ට යෙදුන වෙසක් දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශය ට පත් විය.ඉන්පසුව ඕල්කට් තුමා සහ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ උපදේශකත්වයෙන් නිර්මාණය කෙරුණු බෞද්ධ කොඩිය ප්‍රථම වරට කොළඹ දීපදුත්තාරාමයේ දී එසවීම ද 1885.04. 28 දින ප්‍රථම වතාවට කැළණි රජමහා විහාරයේ දී එසවුණි. ඒ ගුණානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.