උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ

කැළණි තිස්ස රාජ්‍ය සමය

කැළණිතිස්ස රජතුමාගේ බිසව මොන සැප සම්පත් තිබුනත් වරදේ බැදුණ කාන්තාවකි.ඇය කැළණිතිස්ස තම ස්වාමිපුරුෂයාගේ මලණුවන් වන අරිය උත්තිය නම් යුවරජු සමඟ අනියම් පෙමක පැටලී සිටියා ය.මෙම සම්බන්ධය ට කැළණිතිස්ස මහරහතන් වහන්සේ උදව් කරන‍වා යැයි සැක සිතා කැළණිතිස්ස රජු විසින් මහරහතන් වහන්සේ තෙල් කටාරමක දමා ගිනි තබා කැළණිතිස්ස මහරහතන් වහන්සේ මරණයට පත්කළ සේක.මේ අතර රහතන් වහන්සේගේ සිරුර ද මුහුදට විසිකර දැමුවේය.



ඉක්බිති තෙරුන් වහන්සේ කෙරෙහි ශෝකව දෙවි දේවතාවුන් වහන්සේලා කිපී මුහුද ගොඩ ගැලීමට සැලැස්වී ය.මෙයින් මුහුදු බත් වූ ගම් බිම් සංඛ්යාහව 1450 පමණ විය.මේ තත්වයෙන් මිදීමට නම් රජතුමාගේ දියණිය මුහුද ට බිලිදිය යුතු බව රජතුමාට දැන්වීය.ඒ අනුව විහාරමහා දේවිය මුහුදට බිලි විය.