උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ

සෝලියස් මැන්දිස් සිතුවම්

සෝලියස් මැන්දිස් මහතාගේ චිත්‍ර තුළින් නුතන චිත්‍ර සම්ප්‍රදායක් හෙළි කරයි.


1. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය.


2. බුද්ධත්වයට පත්වීම.


3. මහාමයා දේවිය දුටු සිහිනය.


4. කාලදේව සෘෂි සිදුහත් කුමරු බලන්නට යාම.


5. සිද්ධාර්ථයන් පාසලේ ඉගේනීම.


6. වප් මඟුල් දා බෝසතුන්ගේ පළමු ධ්‍යානය වැඩීම.

7. බෝසතුන් තුසිත දෙව් ලොව සිට පස්මහ බැලූම් බැලීම.

8. සුජාතාව කිරිපිඩූ පිළිගැන්වීම.

9. සොත්ථිය බමුණා කුස තණ පිළිගැන්වීම.


10. ඡන්න හා කන්තක උප්පත්තිය.


යනාදී වශයෙන් සිතුවම් කැළණි විහාර බිත්ති පුරා සිතුවම් වී තිබේ.

කැළණියේ නව විහාර සිතුවම්.


• දේවාරාධනාව.


තුසිත දෙව්ලොව වැඩ වසන දෙව්බඹුන් බෝධි සත්වයන් කෙරේ පැමිණ බුද්ධත්වය ලැබීමට අරොධනා කරන ආකාරය සොලියස් මැන්දිස් සිත්තරුවාගේ පින්සල් අඟින් ගිලිහි ගිය ආකාරය ඉතා විශිෂ්ඨ ලෙස සිතුවම් වන්නේ නව විහාරය තුළයි.


• බූදුන් වහන්සේගේ ලංකා ගමන


“මයියංගනං නාගදීපං


කල්‍යාණං පද ලාංඡනං.................”






• මහා විහාරයේ සීමා ලකුණු කිරීම


මිහිදු හිමියන්ගේ අනුශාසනා පරිදි දෙවන පෑතිස් නිරිදුන් විසින් පොහෝය ගෙයක් හෙවත් සීමාවක් ඉදිකිරීමට භූමිය වෙන් කරන ආකාරය නිරූපණය කරයි. එහි සීමාව සැපයීමට අනුරාධපුරයේ මහමෙවුනා උයන තොරා ගෙන ඇති අතර කදම්භ නදියෙහි ආරම්භය මෙන්ම අවසානය ද වී ඇත්තේ ගංගල තිත්ථ නම් කොටසයි.එහි සිට රං නඟුලකින් ඒ සීමා ලකුණු කිරීම රජතුමාගේ වගකීම විය. එම රන් නඟුල අඳින ලද්දේ ඇතුන් දෙදෙනෙකු විසිනි. මේ සිද්ධිය නිරූපණය කරන්නා වූ සිතුවම් ද මෙම විහාර සිතුවම් වල ප්‍රධාන තැනක් ගනී.


දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම වීම


ශ්‍රී සම්බුදධත්ව පරිනිර්වාණ ආදාහනය අවසානයේ ඉතිරි වූ දන්ත ධාතූන් සිව් නමගෙන් කළිගු රජු අතට පත් වූ දන්ත ධාතුව කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජ සමයේ ආරක්ෂාව පතා මෙරටට රැගෙන ආවේ හේමමාලා කුමරිය සහ දන්ත කුමරුන් විසින් කුමරියගේ කෙස්වැටියේ සඟවාගෙන යි.මෙම සිදුවීම ද කැළණි විහාර සිතුවම් ගොන්නෙහි සැඟවුණු අපූර්ව සිතුවමකි.


කැළණි විහාරයේ අප්‍රකට තොරතුරු


වර්ෂ 1926 දී නව කැළණි විහාරය ගොඩ නැගීම සඳහා හෙලේනා විජේවර්ධන ළමාතැනි‍යගේ මූලිකත්වයෙන් මුල්ගල තබන ලද අතර එමගින් නිද්‍රාශීලීව තිබූ ලාංකීය චිත්‍ර කලාව යලි පිබිදෙන යුගය ආරම්භ වූයේ මේ සමගිනි.


එවකට බෙංගාලයේ ඇතිවූ Bengal Renaissance චිත්‍ර කලා පුනරුදය නිසා නන්දලාල් බෝස් තුමාගේ අවධානය ලංකාවේ ද පැතිර ගියේය.මෙතුමා 1934 දී රවීන්ද්‍රනාත් තාගෝර් තුමා සමඟ ලංකාවට පැමිණියේ ය.මෙමගින් ඉන්දියාවත් ලංකාවත් අතර සංස්කෘතික සබඳකම් ගොඩනැගෙන්නට විය.


කැළණි විහාරය ප්‍රතිසංස්කරණය වෙමින් තිබියදී එම කටයුතු එවකට සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ පර්සියානු සම්භවයක් ඇති බිල්මෝරියා නම් ශිල්පියෙකු ට පැවරූ බව පැවසේ.විහාරගෙයි වැඩ අවසාන වෙමින් පවතින අවස්ථාවේ විජේවර්ධන ලමාතැනී ඇතුළු පවුලේ ඥාතීන් නන්දලාල් බෝස්තුමාට චිත්‍ර ඇඳීමට පැවරිය යුතු බව තීරණය කළෝය. “මම කණගාටු වෙනවා මට පුළුවන් කමක් නැහැ මේ මැතිණියව ඒ උත්තරීතර දේවත්වයට ඔසවන්න.” යයි පවසා සිටි අතර ඔහුගේ එම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ කැළණි විහාර සිතුවම් නිර්මාණය සෝලියස් මැන්දිස් මහතාට පැවරුණි.


සෝලියස් මැන්දිස් මහතාට විහාර සිතුවම් නිර්මාණය ගැන පූර්ණ අවබෝධයක් නොවූ හෙයින් නන්දලාල් බෝස්තුමාගෙන් ඒ සඳහා ගුරුහරුකම් ලබා ගැණුනි.එමෙන්ම මෙතුමා මේ සඳහා පෙරදිග ශිල්ප ක්‍රම විහාර සිතුවම් වෙනුවෙන් යොදා ගැණුනි.


කැළණි විහාර චිත්‍රකරණයේ දී සෝලියස් මැන්දිස් මහතා යොදා ගෙන ඇත්තේ බිත්තර බන්ධක නැතහොත් බිත්තර ටෙම්පරා ක්‍රමය යි.මෙහිදී ජල මිශ්‍රිත බිත්තර ටෙම්පරා ක්‍රමය යොදා ගත් අතර එය ඉතා ප්‍රබල මාධ්‍යයක් විය.මෙය චිත්‍ර මාධ්‍යය තුළ හැසිරවීමට අමාරුම මාධ්‍ය මෙය බව දක්වයි.


මෙතෙක් ශ්‍රී ලංකාවේ අඳින ලද බිතුසිතුවම් වල දක්නට නොලැබෙන වායන ක්‍රමයක් කැළණියේ චිත්‍ර වලින් නිරූපණය වේ.


සෝලියස් මැන්දිස්ගේ අගනා චිත්‍ර සම්ප්‍රදායට අභියෝග කරමින් මේ කාලයේ තවත් චිත්‍ර ශිල්පියෙකුගේ නැගීමක් සිදු වූ අතර එම චිත්‍ර වල ලක්ෂණ ද කැළණි විහාරය තුලින් ම හදුනාගත හැකි වේ.